Have an account?

සිතුවිලි යාය

අහිමි පුදසුන

මට අහිමි පුජාසනය මත...
ඔබ නමින් පිදු මගේ සිත් මල,
තෙමා මා නෙතු අගින් හැලෙනා....
කදුලු බිදුවක අරැත මෙය යැයි,
කියයි නමි ඔබ ලං වෙලා.....

ඔබෙ අත මට හිමි නොවුවත්...
ඔබෙ නෙතු යුග මගෙ නොවුවත්....
දුර සිටන් එන ඔබෙ සුවදින්,
සදා සැනසෙන්නමි.....

ඔබෙ ලොව මට අහිමි වුවත්....
ඔබෙ සිතේ මට ඉඩ තියේ නමි.....
ඔබ නමින් සැදු මගේ ලොකේ,
සදා තනි වෙන්නමි.....
.

සමනලී


ඔබෙ නෙතු ලග දැවෙන්නමි.

 
ඔබෙ දැතේ වෙලෙනු බැරි මා,
පත්කඩක් වි ඔබෙ පා යුග සිඹින්නමි.....

ඔබෙ තොල් පෙති සිඹිනු බැරි මා,
රෙදි කඩක් වි ඔබෙ දහබිදු පිසින්නමි.....

ඔබෙ යහනට වරමි නැති මා,
ඇතිරියක් වි ඔබෙ යහනත එලෙන්නමි.....

එක්ව සැපදුක් විදිනු බැරි මා,
සිත්තමක් වි ඔබෙ සැපදුක් දරන්නමි.....

මා නිසා ඔබ ලොව අදුරැ වී යා  නමි,
පහන්වැටියක් වී..
ඔබෙ නෙතු ලග දැවෙන්නමි....


සමනලී 





තනිකම
මෙ නිහඩ බව,පාළුව, තනිකම
අද වගේ හෙටත් මගේ ලග
හැසදාම තියේවි.
ඔබ ලග නැති සුයාමය
කල්පයක් සේ දැනේවි මට.
දැගිලි පටලා ඇවිද ගිය මාවතේ
අදත් එදා මෙන්ම තුරැ ලතා
අත්වනා මට උරැවමි කරයි
මගේ මතනයෙන් දුර ඈත..
රටක ඔබ කොහෙද අද..
මගේ හිත නැවත මට දීයන්
සබද
මාලි ගමිලත්-Medobank-Sydney



මතකයන්
මතකයන් මතකයෙන් ඇත් වෙනු දැනුන
ඔබ නැතිව ගෙවුන වසරක්...
ඈත දුර වසන්තේ අපි දෑගිලි පටලගෙන
සොයාගෙන ගිය මෙ සරසවි බිම...
ගහකොල ගැන
සුදු මිනිසුන් අතර
ඔබයි මමයි තනි වෙලා..
උයන් කොනක මෙ සරසවි බිමෙ
ඒදා වගේ ඔබ නැති වුනත්
මම අදත් තනි‍යෙම....
හැම ගහ කොළකම සොයන්නේ
අලේ ආදරේ මතක සටහන්...
තනිවුන මෙ සරසවි බිමෙ..
රනිල් මෙන්ඩිස්-Wembly-Perth





ඉකිගසන හදවත
සිතුවිලි හිර වෙලා..
හදවතට ඉකිගසා අඩනු බැරි හැටි
ලොකයම බිදිගිය
ඔබ නැතිව තනිවු මට,
ලොකයෙම නපුරැ ඇස
එදා ඔබ ලග හිටිය දවස් වල දැනුන සුව..
අද මහා බයන් කර රැක්ෂයක් වගේ මගේ
ලගට විත් බය කරයි මගේ හද..

ඔබ නැතිව ගිය පාරේ
අදුරැ තනිකමයි රැදුනේ..
මහ මග ඉදන් පිරිස්
ඔබ ගැනම මයි ඇහුවෙ..
විටින් විට හිස ඔසව
බලන්නට හිතුන මුත්..
ලැජ්ජාව තද කරන්
මහ මගම මම අඩමි..
සමිර වනිගබදු-Rosehill-Sydney





ඔබෙ සුවද
හදවත පාරගෙන එන මෙ සුලං පොද,
හැමදාම හමාගෙන එන්න ඔබෙ මතකයන්
එදා වගේ අදත් මෙ පාලුව දරා ගන්න ඔබ ලග හිටියා නමි
එදා ඔබ කියු ඒ කථා අද සිහිනයක් වෙලා
මගේ සිත අතිතයට කැරකෙද්දී
මට දැනෙන්නේ මම ඔබට සැලකුවා මදි කියල...
මගේ හිත මට බැනගත්ත වාර අනන්තයි.
ඔබ මගෙන් දහස් ගනන් දුර ඇත වුනත්...
ඔබෙ සුවද එදා වගේම මගේ ලගින් අදත් දැනෙනවා වගේ..

මාලි ගමිලත් -Medobank-Sydney










0 comments:

Post a Comment