Have an account?

Tuesday, July 27, 2010

partner Visa නොහොත් සහකාර විසා

විදෙස්ගත වීම ඔබෙ සිහිනයක් එය සැබැ කර ගැනිම සදහා අත්වැලැක් සැපයිමයි අප‍ගේ මෙ අරමුණ.මෙම ලිපි පෙළේ බැලු බැල්මට එකකට එකක් ගැලපි යාමක් ඔබට දැකිය නොහැකි වුවත් එසේ වන්නේ අන් හේතුවක් නිසා නොව, විදෙස් ගතවිම සමිබන්ධයෙන් එක් එක් පුද්ගලයා විසින් උපයෝගිකර ගන්නා මාර්ගයන් විවිධත්වයෙන් යුක්ත විසයි. කෙසේ වෙතත් මෙම ලිපි පෙළේ පළමුවැන්න වන මෙය partner Visa නොහොත් සහකාර විසා යන මාතෘකාව යටතේ ඉදිරිපත් කරණු ලැබෙ. මෙය සක්නද ගුවන් විදුලිය ඔස්සේ සැම සෙනසුරාදා දිනයකම ඔස්ට්‍රෙලියා වෙලාවෙන් සවස 06  නොහොත් ලංකාවෙ වෙලාවෙන් පස්වරැ 1.30 ට ප්‍රචාරය වන සංක්‍රමණ නිති වැඩ සටහනේ සිඩිනි නුවර සංක්‍රමනික නිති පිලිබඳ ලියාපදින්චි උපදෙශන සෙව සපයන නීතීය චන්ද්‍රානි බුද්දිපාල මහත්මිය සමග සක් නද ගුවන් විදුලිය කරන ලද සාකච්චාවකින් උලුටා ගන්නා ලදී.
 
මෙවර සංක්‍රමණික නීති වැඩ සටහනෙන් අප සාකච්චා කරන්නෙ සහකාර වීසා නොහොත් partner Visa යන විසා වර්ගය පිලිබදවයි.
මෙය ඕස්ට්‍රෙලියානු පුරවැසියෙකුට හෝ ස්ථිර පදිංචි කරුවෙකුට තම සහකරු හෝ සහකාරිය පදිංචිය සඳහා ඕස්ට්‍රෙලියාවට ගෙන්වා ගැනීම සඳහා වෙන්වුනු  විසා වර්ගයක් ලෙස දක්වන්න පුලුවන්. මෙම වීසා වර්ගය කොටස් 3 කට බෙදා දැක්විය හැක.
  • සහකාර විසා
  • විවහ වීමට යොජිත වූවන් සඳහා වෙන්වූ වීසා.
  • එකට වසය කිරිම සඳහා විසා

සහකාර විසා
සහකාර වීසා වර්ගයට අයදුම් කිරිම සඳහා අයදුම් කරු‍ගේ විවහක සහකරු හෝ සහකරිය ඕස්ට්‍රලියවෙ පදින්චි කරුවෙකු විය යුතුයි. මෙම විසා වර්ගය නිකුත් කරනු ලබන්නේ විවාහ සහතිකය පදනම් කරගනිමිනි. විවාහ සහතිකයට අමතරව විවාහය අව්‍යාජ බව ඔප්පු  කිරිමට අදල සාධක ද මෙම වීසාව ලබාගැනිම සදහා ඉදිරි පත් කල යුතුයි. වසර 2 ක තාවකලික විසා වකින් පසුව ස්තිර පදිංචිය ලැබෙයි.

විවහ වීමට යොජිත වූවන් සඳහා වෙන්වූ වීසා.
මෙය විවාහ වීමට සුදානම් පුද්ගලයන් සඳහා වෙන් වුනු විසාවර්ගයකි prospective Visa යනුවෙන් හදුන්වනු ලබන්නේ මෙයයි. විවාහ වීමට ගිවිසාගෙන සිටින පුද්ගලයන්ට ඕස්ට්‍රලියවට සංක්‍රමණය වීමෙන් අනතුරුව සිය විවාහය ඕස්ට්‍රලියවෙදී සිද්ධ කිරිමට මෙම විසා වර්ගයෙන් ඉඩ ලැබෙයි. ඕස්ට්‍රලියනු පදිංචි කරු සමග මාස 9 යක කාලයක් තුල විවාහ වන පදනම මත මෙම විසා වර්ගය නිකුත් කරනු ලබයි. මෙහිදී අයදුම් කරු තමා විවාහ ගිවිසගෙන සිටින බවට පවතින සක්ෂි අයදුම් පත සමග ඉදිරිපත් කල යුතුයි. ඕස්ට්‍රලියවෙන් පිටතදී ගන්නාලද මුදු මරු කිරීමක්  හෝ විවහ ගිවිසා ගැනිමක සක්ෂි මෙම අයදුම් පත සමග ඉදිරිපත් කල යුතුයි.  

එකට වාසය කිරිම සඳහා විසා
විවහ වීමකින් තොරව අබු සැමි සංකල්පය මත ජීවත් වන යුවලක සහකරුවෙකු හෝ සහකරියක ඕස්ට්‍රෙලියවට ගෙන්වාගැනිම සඳහා මෙම විසා වර්ගය යොදා ගැනෙ. De Facto Visa ලෙස මෙය හදුන්වනු ලබයි. මෙම වීසා වර්ගය ස්ත්‍රි පුරුෂ සම්බන්දයකට මෙන්ම සම ලිංගික සම්බන්දයකටද අදල වේ. අයදුම් කරු තම ඕස්ට්‍රලියවෙ ජීවත් වන සහකරු සමග අයදුම් කිරිමට ප්‍රථම මාස 12ක කාලයක් අබු සැමි සංකල්පය මත ජීවත්වූ බවට සාදක ඉදිරිපත් කල යුතුයි. එකට වාසය කල බිල් පත්. යහලුවන්ගෙ හෝ පව්ලේ අයගෙන් තම සම්බන්දය ගැන ගන්නා ලද ලිපි, සමූහ බැංකු ගිණුම් ආදිය මෙයට ඉදිරිපත් කල හැකියි.

මෙම දක්වන ලද කරැණු විසා සමිබන්ධ මුලින දැණුවත් කිරීමක් පමණි. වැඩිදුර තොරතුරැ ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වන්න.

0 comments:

Post a Comment